ගීතාවලිය 29

29
කුණාටුවේදී දෙවියන්වහන්සේගේ හඬ
දාවිත්ගේ ගීතයකි.
1බලවතුන්ගේ පුත්‍රයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්.
2 ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්;
ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්.
3 ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය
මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.
4 ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය;
ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.
5 ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි;
එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක.
6උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක.
7 ස්වාමීන්ගේ ශබ්දය ගිනිදැල් බෙදයි.
8 ස්වාමීන්ගේ ශබ්දය වනාන්තරය සොලවයි;
ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක.
9 ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි.
උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල:
මහිමය වේවා කියයි.
10 ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක;
එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක.
11 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක;
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 29: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න