ගීතාවලිය 136
136
සදාකාල කරුණාවෙන් යුත් ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීම
1 ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
3ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්;

4මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්];

5නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

6ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

7මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

8දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

9රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

10කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];

11ඔවුන් අතරෙන් ඉශ්රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්];

12බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්];

13රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];

14ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්];

15ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්];

16ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්];

17මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];

18කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];

19අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්].

20බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];

21ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];

22ස්වකීය මෙහෙකරුවූ ඉශ්රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];

23අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්];

24අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්];

25උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක.

26ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්;

දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 136: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: