ගීතාවලිය 13
13
ස්වාමීන්වහන්ස, කොතෙක් කල්ද?
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි.
1 ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද?
කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?
2කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද?
කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?
3මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව.
මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.
4නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය;
මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය.
5එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි;
මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය.
6 ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 13: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: