ගීතාවලිය 128
128
දේව භය ඇත්තාගේ පවුලේ දියුණුව
ආරෝහණ ගීයකි.
1 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
2මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය.
නුඹ වාසනාවන්තවන්නෙහිය, නුඹට ශුභ සිද්ධවන්නේය.
3නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය.
නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
4බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාද ලබන්නේය.
5 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට නුඹට ආශීර්වාදකරනසේක.
නුඹේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.
6එසේය, නුඹේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය.
ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 128: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society