ගීතාවලිය 114

114
ස්වාමීන්වහන්සේ ගෙනදුන් මවිතවූ මිදීම
1ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
2යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3මුහුද ඒ දැක පලාගියේය;
යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.
4කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?
6එම්බා කඳු, නුඹලා බැටළුවන් මෙන්ද කුඩා හෙල්, නුඹලා බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ නුඹලාට කුමක් වෙලාද?
7එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 114: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න