හිතෝපදේශ 27

27
1හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
2නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.
3ගලක් බරය, වැලිත් බරය.
එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.
4උදහස කෲරය, කෝපයද රෞද්‍රය;
එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?
5ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
6මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ;
එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.
7තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි;
එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය.
8තමාගේ ස්ථානයෙන් ඈත්ව යන මනුෂ්‍යයා කැදැල්ලෙන් ඈත්ව යන පක්ෂියෙකු මෙන්ය.
9විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය;
එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි.
10නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න;
නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න;
ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.
11මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
12නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි;
අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
13අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න.
අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න.
14අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.
15තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
16ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය.
ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය.
17යකඩින් යකඩ මුවහත් වේ;
එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.
18අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය;
තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.
19වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
20ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත;
මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.
21රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ;
මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.
22නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.
23නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න;
නුඹේ ගව රැළවලට සිත යොමුකරන්න.
24මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි;
ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?
25තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.
26බැටළු පැටව් නුඹේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
27නුඹේ කෑමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කෑමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 27: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න