ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: ලෙවීගේ පුත්‍රයන් අතරෙන් ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත් ලෙස, තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න. අති ශුද්ධ දේ ගැන සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත් පුත්‍රයන්ගේ මෙහෙය නම් මේය: කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා, ඒක පිට තහෂ් හම් වැස්මක් දමා, ඒ පිට මුළුල්ලම නිල්වන් රෙද්දක් අතුරා ඒකේ පොලු තබත්වා. පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා. ඔව්හු ඒවා පිට රතු රෙද්දක් අතුරා ඒක තහෂ් හම් වැස්මකින් වසා ඒකේ පොලු තබත්වා. ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා, ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා. රන් පූජාසනය පිට නිල් රෙද්දක් අතුරා තහෂ් හම් වැස්මකින් ඒක වසා ඒකේ පොලු තබත්වා. ඔව්හු ශුද්ධස්ථානයෙහි සේවයට ගන්න සියලු භාජන ගෙන නිල් රෙද්දක තබා තහෂ් හම් වැස්මකින් ඒවා වසා මැස්ස පිට තබත්වා. ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා, ඒක පිට සේවය කිරීමට ගන්න ඒකේ සියලු භාජන එනම් ගිනි භාජනද මස් කොකුද පාත්‍රද තලිද යන පූජාසනයේ සියලුම බඩු ඒක පිට තබා තහෂ් හම් වැස්මක් ඒක පිට අතුරා ඒකේ පොලු තබත්වා. කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය. පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට: කොහාත්වරුන්ගේ පවුල්වල ගෝත්‍රය ලෙවීවරුන් අතරෙන් නාස්තිවෙන්ට ඉඩ නෑර, ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න–ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස මොහොතකටවත් ශුද්ධස්ථානය බලන්ට ඇතුල් නොවෙත්වයි කීසේක.
ගණන් කථාව 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් කථාව 4:1-20
12 Days
To discover the truths from a book like Numbers, which we tend to skip, this reading plan teaches us to have a devotion while also having a systematic study, in spite of the not so exciting chapters.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ