ගණන් කථාව 23:27-30
ගණන් කථාව 23:27-30 SROV
බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා, කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය. බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය. බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

