ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය. තවද ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඉශ්‍රායෙල් විසින් අමෝරිවරුන්ට කළ සියල්ල දුටුවේය. සෙනඟ බොහෝවූ බැවින් මෝවබ්වරු ඔවුන් ගැන අතිශයෙන් භයපත්වුණෝය. එසේ මෝවබ් ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා කැලඹී, මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය. ඔහු බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් කැඳවාගෙන එන්ට ඔහුගේ සෙනඟගේ පුත්‍රයන්ගේ දේශයවූ ගංගාව ළඟ තිබෙන පෙතෝර්ට පණිවිඩකාරයන් යවමින්: මිසරයෙන් සෙනඟක් ඇවිත් සිටිති. බලව, ඔව්හු පොළෝතලය වසාගෙන මට ඉදිරිපිටින් සිටිති. එබැවින් දැන් ඇවිත් මා වෙනුවෙන් මේ සෙනඟට ශාපකළ මැනවි; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. සමහරවිට ඔවුන්ට පහරදී ඔවුන් දේශයෙන් පන්නාදමන්ට මට පුළුවන්වන්නේය. මක්නිසාද නුඹ ආශීර්වාදකරන තැනැත්තා ආශීර්වාද ලබන බවත් නුඹ ශාපකරන තැනැත්තා ශාප ලබන බවත් දනිමියි කියන්ට කීවේය. මෝවබ්හි වැඩිමහල්ලෝද මිදියන්හි වැඩිමහල්ලෝද පේන කීමට දෙන තෑගි අතේ ඇතුව පිටත්ව බාලාම් වෙතට පැමිණ බාලාක්ගේ වචන ඔහුට කීවෝය. ඔහු ඔවුන්ට කථාකොට: අද රාත්‍රියේ මෙහි නවතින්න. ස්වාමීන්වහන්සේ මට කියන හැටියට නුඹලාට උත්තරදෙන්නෙමියි ඔවුන්ට කීවේය. එසේ මෝවබ්හි අධිපතියෝ බාලාම් වෙත නැවතුණෝය. දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: නුඹ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක. බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා: බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය. දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක. බාලාම් උදය නැගිට බාලාක්ගේ අධිපතීන්ට කථාකොට: නුඹලාගේ දේශයට යන්න. මක්නිසාද නුඹලා සමඟ යන්ට ස්වාමීන්වහන්සේ මට ඉඩ නොදෙනසේකැයි කීවේය. මෝවබ්හි අධිපතියෝ නැගිට බාලාක් වෙතට ගොස්: බාලාම් අප සමඟ එන්ට බැරිය කියන්නේයයි කීවෝය. බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය. ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: නුඹ මා වෙතට ඊමට කිසිවකින් නුඹට බාධාවක් නොවේවා. මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය. බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි. එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය. දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක.
ගණන් කථාව 22 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් කථාව 22:1-20
5 Days
Balaam was a pagan seer. Seven books of the Bible mention Balaam. Even though we are more familiar about Balaam’s donkey talking, did you know that Balaam was fool as he even talked to the donkey! In this 5-day devotional, learn lessons from Balaam’s life that will challenge you to be more sensitive to the voice of God in your life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ