ගණන් කථාව 20:10-13

ගණන් කථාව 20:10-13 SROV

මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා, තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක. ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.

ගණන් කථාව 20:10-13 සඳහා වීඩියෝව