ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න. ඒවා පිඹින කල මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නුඹ වෙතට රැස්වෙත්වා. එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා. නුඹලා මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය. නුමුත් සභාව රැස්කරවන්ට ඕනෑවූ විට මහත් ශබ්දයක් නොකොට පිඹින්න. පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය. නුඹලාගේ දේශයෙහි නුඹලාට සතුරුකම් කරන සතුරාට විරුද්ධව නුඹලා යුද්ධයට යන විටද මහත් හඬකින් හොරණෑ පිඹින්න; එවිට නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබ නුඹලාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නහුය. නුඹලාගේ ප්‍රීති දවසෙහිත් නුඹලාගේ නියම මංගල්‍යවලදීත් නුඹලාගේ මාස් ආරම්භයෙහිදීත් නුඹලාගේ දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකරන කල හොරණෑ පිඹින්න; ඒවා නුඹලාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට සිහිවීමක් පිණිස වන්නේය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යයි කීසේක. දෙවෙනි වර්ෂයෙහි දෙවෙනි මස විසිවෙනි දින වලාකුළ සාක්ෂි මණ්ඩපය කෙරෙන් ඔසවාගන්නා ලද්දේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය. පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය. ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල්ය. සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය. මණ්ඩපයද බානලද්දේය; එවිට මණ්ඩපය උසුලා ගෙනයන්නෝ වන ගේර්ෂොන්ගේ පුත්‍රයෝද මෙරාරීගේ පුත්‍රයෝද පිටත්ව ගියෝය. රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය. සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශුරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය. ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය. එවිට කොහාත්වරු පිටත්වී ශුද්ධස්ථානය උසුලාගන ගියෝය. ඔවුන් එනතුරු අනික් අය මණ්ඩපය පිහිටෙවුවෝය. එප්‍රායිම් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාය. මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය. ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ය. නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය. තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය. මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය. ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය. මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත. ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ කන්දෙන් පිටත්ව තුන් දවසක ගමන් ගියෝය; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට නවතින තැනක් සොයන පිණිස ඔවුන්ට පෙරටුවෙන් තුන් දිනක් ගමන් කෙළේය. ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය. තවද ගිවිසුම් පෙට්ටිය පිටත්වෙන කල මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්ස, නැගුටුණු මැනව, ඔබගේ සතුරෝ විසිරයෙත්වා; ඔබට වෛරවෙන්නෝද ඔබ ඉදිරියෙන් පලා යෙත්වයි කීවේය. ගිවිසුම් පෙට්ටිය නැවතුණු කල ඔහු: ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන්වලින් දස දහස් දෙනා වෙතට හැරී අව මැනවයි කීවේය.
ගණන් කථාව 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් කථාව 10:1-36
8 Days
Join us in praying for our leaders with this 8-day reading plan, featuring prayers from The One Year Pray for America Bible.
28 Days
In the beginning was the Word … but what came next? This plan is for anyone who wants a better understanding of the Bible. It provides a chronological reading program that endeavors to place all biblical passages in their date order. Part Two of this twelve-part one-year reading plan is titled 'Forty Years in the Wilderness, 1491 BC–1452 BC'.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ