නෙහෙමියා 7:5-7

නෙහෙමියා 7:5-7 SROV

පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය, එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුඛද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත් සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද අසරියාද රයමියාද නහමානීද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පෙරෙත්ද බිග්වායිද නෙහූම්ද බානාද සමඟ හැරී ආවාවූ දේශයේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය