නෙහෙමියා 2:1-10

නෙහෙමියා 2:1-10 SROV

තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි. එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය. එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි. එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්: රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ දාසයා ඔබ ඉදිරියෙහි කරුණාව ලබාසිටී නම්, යූදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර ගොඩනගන පිණිස මා එහි හැරිය මැනවැයි කීමි. මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: නුඹේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් නුඹ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි. ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද, ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය. හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.

මෙයට අදාළ වීඩියෝ