ශු. මාර්ක් 6:48-51

ශු. මාර්ක් 6:48-51 SROV

සුළඟ ඔවුන්ට විරුද්ධව තිබුණු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර විඳිනවා උන්වහන්සේ දැක, රෑ සතරවෙනි යාමය පමණේදී ඔවුන් වෙතට මුහුද පිට පයින් යමින්, ඔවුන් පසුකර යන්ට හැදූසේක. ඔව්හු උන්වහන්සේ මුහුද පිට පයින් යනවා දැක, අවතාරයකැයි සිතා මොරගැසූහ. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ දැක කැලඹුණෝය. නුමුත් උන්වහන්සේ එකෙණෙහිම ඔවුන් සමඟ කථාකොට: ධෛර්යවත්ව සිටින්න. මමය; භය නොවෙන්නැයි කියා, ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය