ශු. මාර්ක් 13:1-8
ශු. මාර්ක් 13:1-8 SROV
උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේතෘස්ද යාකොබ්ද යොහන්ද අන්දෘද රහසින් උන්වහන්සේට කථාකොට: ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගන්න. බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය. යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙන්න. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය; නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.

