ශු. මාර්ක් 1:9-12

ශු. මාර්ක් 1:9-12 SROV

ඒ දවස්වලදී යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන්ගෙන් යොර්දානෙහි බව්තීස්මය ලැබූසේක. උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙණෙහිම අහස විවරවී, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිටට බැස එනවා දුටුසේක. තවද: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්මුණේය. එකෙණෙහිම ආත්මයාණන්වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණෙවුසේක.