මීකා 6
6
දෙවියන්වහන්සේ තමන් සෙනඟ හා සමඟ විවාදකිරීම
1ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා. 2එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්රායෙල් සමඟ විවාදකරනසේක. 3මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න. 4මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි. 5මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න. 6මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද? 7දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද? 8එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
සෙනඟගේ අපරාධ නිසා දෙවියන්වහන්සේගේ උදහස සහිත තර්ජනය
9 ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න. 10දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද? 11දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද? 12මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ. 13එබැවින් මමත් නුඹට තදලෙස පහරදී, නුඹේ පාප නිසා පාළුකෙළෙමි. 14නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි. 15නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ. 16මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.
දැනට තෝරාගෙන ඇත:
මීකා 6: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: