එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: ඵරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත. කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක. උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය. යේසුස්වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක, උන්වහන්සේගේ ගෝලයෝද එසේම කළෝය. එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය. යේසුස්වහන්සේ මුලාදෑනියාගේ ගෙට ඇතුල්ව, නළාකාරයන්ද ඝෝෂාකරමින් සිටි සමූහයාද දැක: අහක්වෙන්න. යෞවනී මැරිලා නොව නිදන්නීයයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් සමූහයා පිටකරනු ලැබූ විට උන්වහන්සේ ඇතුල්වී, ඇගේ අත ඇල්ලූසේක; යෞවනී නැගිට්ටාය. එහි කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළවිය. යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය. ඔවුන් පිටත්ව යන අතර යක්ෂාවේශවූ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය. නුමුත් ඵරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය.
ශු. මතෙව් 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශු. මතෙව් 9:14-34
5 Days
We offer a collection of parables as spoken by Jesus and recorded in the Gospels in this reading plan series. Part 1 collection is all about the righteousness of our acts.
Throughout history, there’s never been a more masterful Storyteller than Jesus. He taught thousands from every walk of life during His earthly ministry, conveying life-changing truths through vivid word pictures or Parables. Whether you’re battling anxiety, struggling with a strained relationship, or simply want to know God’s Word deeply, I invite you to journey with me through five life lessons from Jesus where He answers some tough questions.
Throughout the New Testament, Jesus shows compassion toward unlikely “sinners” who expressed great faith. Whether tax collectors, Roman centurions, or Samaritan women, Jesus repeatedly shows that he came to rescue people burdened with shame. During this plan, Bible teacher and author Kat Armstrong illustrates how these stories strengthen our understanding of God’s empathy and knowledge of how all types of people express beautiful faith in Jesus.
This 5-day Bible reading plan is an introduction to Jesus as a person – what was He like? You’ll explore key moments in Jesus’ life, inviting you to examine His character, mission, and relevance for your life today. Whether you’re curious about who Jesus is or seeking a deeper connection with Him, this plan encourages reflection, discussion, and discovery through Bible stories and thought-provoking questions.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ