ශු. මතෙව් 9:10-12
ශු. මතෙව් 9:10-12 SROV
තවද යේසුස්වහන්සේගෙයි කෑමට හුන් කල්හි බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ හිඳගත්තෝය. ඵරිසිවරු ඒ දැක: නුඹලාගේ ආචාරීන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේ මක්නිසාදැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත.

