ශු. මතෙව් 28:2-4

ශු. මතෙව් 28:2-4 SROV

එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය. ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය. රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ.