ශු. මතෙව් 27:46-50
ශු. මතෙව් 27:46-50 SROV
නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය. සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක.


