ශු. මතෙව් 27:45-53
ශු. මතෙව් 27:45-53 SROV
සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය. නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය. සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව, ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය.


