ශු. මතෙව් 22:27-40
ශු. මතෙව් 22:27-40 SROV
සියල්ලන්ට පසු ස්ත්‍රීද නැසුණාය. සියල්ලන්ම ඈ සරණ පාවාගත් හෙයින්, නැවත–නැගිටීමේදී ඈ ඒ සත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය. මක්නිසාද නැවත–නැගිටීමේදී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත, එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති. නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද? දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය. උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය. ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය. උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.

