ශු. මතෙව් 2:9-16

ශු. මතෙව් 2:9-16 SROV

ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය. ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය. ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය. එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.

ශු. මතෙව් 2:9-16 බයිබල් පදය සහිත රූපය

ශු. මතෙව් 2:9-16 - ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය. ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්, හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය.

එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.