එසමයෙහිදී යේසුස්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය. ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය. උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ, එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද? නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි නුඹලා කියවා නැද්ද? නුමුත් නුඹලාට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි. නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක. එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද? එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා– නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගු කෙළේය; එවිට ඒක අනික් අත මෙන් සුවවිය. එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය. නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට, තමන්වහන්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට අණකළසේක. මෙසේ වූයේ: අනාගතවක්තෘවූ යෙසායා කරණකොට ගෙන කියන ලද: බලව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවූ, මාගේ ආත්මයට ප්‍රසන්නවූ මාගේ ප්‍රේමවන්තයා මේය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි, ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය. ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත; ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය. ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය යන කීම සම්පූර්ණ වන පිණිසය. එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය. සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝදැයි ඇසුවෝය. නුමුත් ඵරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය. උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය. සාතන් විසින්ම සාතන් දුරුකරයි නම් ඔහු තමාටම විරුද්ධව භේදව සිටියි; එසේවී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද? තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය. නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ. නොහොත් බලවන්තයා පළමුකොට නොබැඳ, යමෙකුට ඔහුගේ ගෙට වැද ඔහුගේ වස්තු කොල්ලකන්ට කෙසේ හැකි වේද? බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය. මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි. එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය. යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ. පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි. යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.
ශු. මතෙව් 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශු. මතෙව් 12:1-37
3 Days
Infinitum is a way of life centered on following Jesus by loving God and loving others through an emphasis on the habits and disciplines of surrender, generosity, and mission. We aim to see the Bible and also the world through these Jesus-colored lenses. This short reading plan is based on the theme – Follow Jesus.
4 Days
Most of us are overworked and utterly exhausted, so the concept of Sabbath could not be more important. To honor the Sabbath means to “keep it holy,” and holy simply means “set apart.” Our Sabbath should look different than the other six days of our week. In this Plan, we’ll discuss what it is, what it isn’t, how it looks today, and finding our true rest in Jesus.
5 Days
One of the most critical determinants of our life as believers is how we interpret scripture. This plan takes a look at Jesus as our interpreter of scripture and what that means for our approach to reading the bible. We pray that it makes your time in the scripture even more life-giving!
Is “remember the Sabbath” a biblical suggestion that has fallen out of fashion or an inconvenient rule that gets in the way of a full life? Neither says musician and spiritual adviser Justin McRoberts. Instead, this five-day study of the Sabbath, excerpted from his book Sacred Strides, is an invitation to fully experience the Love of God in our work through our rest.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ