ශු. ලූක් 3:11-14

ශු. ලූක් 3:11-14 SROV

ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය. සුංගම් අයකරන්නෝද බව්තීස්මය ලබන්ට ඇවිත්: ආචාරිනි, අප විසින් කුමක් කරන්ට ඕනෑදෑයි ඔහුගෙන් ඇසුවෝය. නුඹලාට නියමකර තිබෙන පමණට වඩා අයකර නොගන්නැයි ඔහු ඔවුන්ට කීයේය. හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; නුඹලාගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය.