ශු. ලූක් 14:26-31
ශු. ලූක් 14:26-31 SROV
මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය. තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය. මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ: මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය. නොහොත් වෙන රජෙකුට විරුද්ධව යුද්ධයට යන කවර රජෙක් තමාට විරුද්ධව විසිදහසක් ගෙනඑන්නාවූ ඔහු ඉදිරියට දසදහසක් සමඟ යන්ට පුළුවන්දෝ කියා පළමුකොට හිඳ මන්ත්‍රණය නොකරන්නේද?

