ලෙවී කථාව 21
21
පූජකයන්ගේ චරිතානුකූලවූද ශාරීරිකවූද සුදුසුකම්
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය; 2එහෙත් ඔහුට කිට්ටුවූ ඔහුගේ නෑයා උදෙසා එනම් තමාගේ මවු උදෙසාද තමාගේ පියා උදෙසාද තමාගේ පුත්‍රයා උදෙසාද තමාගේ දුව උදෙසාද තමාගේ සහෝදරයා උදෙසාද, 3පුරුෂයෙකු නොගත් තමා ළඟ ඉන්න කන්‍යාවක්වූ තමාගේ සහෝදරී උදෙසාද අපවිත්‍රවෙන්ට ඔහුට පුළුවන. 4තමාගේ සෙනඟ අතරේ නායකයෙක්වූ ඔහු තමා දූෂණයවන ලෙස අපවිත්‍ර නොවිය යුතුය. 5ඔව්හු තමුන්ගේ හිස් මුඩු නොකරත්වා, රුවුළේ කොන් බූනොගාත්වා, ඔවුන්ගේ ශරීරයෙහි කිසි කැපීමක් නොකරත්වා. 6ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය. 7ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය. 8එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය. 9තවද යම්කිසි පූජකයෙකුගේ දුවක් වේශ්‍යාකමෙන් තොමෝම දූෂණයවන්නීනම් ඈ තමාගේ පියාට අපහාසකරන්නීය. ඈ ගින්නෙන් පුලුස්සා දමනු ලැබිය යුතුය.
10තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය; 11ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය; 12ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේය. 13ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා. 14ඔහු වැන්දඹුවක්වත් අත්හරිනලද ස්ත්‍රියෙක්වත් දූෂණයවූ තැනැත්තියෙක්වත් වේශ්‍යාවක්වත් පාවානොගෙන තමාගේම සෙනඟ අතරෙන් කන්‍යාවක් භාර්යාව කොට පාවාගත යුතුය. 15ඔහු තමාගේම සෙනඟ අතරෙහි තමාගේ වංශය දූෂණයනොකොට සිටිය යුතුය. මක්නිසාද මම ඔහු විශුද්ධකරන ස්වාමීන්වහන්සේ යයි කීසේක.
16 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 17ආරොන්ට මෙසේ කියන්න–නුඹේ වංශයේ පරම්පරාවලදී ශරීරයේ කැලලක් ඇති කිසිවෙක් ඇද්ද, හෙතෙම තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරන්ට ළංනොවේවා. 18කැලලක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත් ළංනොවිය යුතුය. අන්ධයෙක්වත් කොරෙක්වත් මුක්කමෙක්වත් විකල් අංග ඇත්තෙක්වත්, 19අත පය කැඩුණු කෙනෙක්වත්, 20කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය; 21පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ දවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය. 22අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන. 23නුමුත් ඔහුට කැලලක් තිබෙන බැවින් මාගේ ශුද්ධස්ථානය දූෂණයනොකරන පිණිස ඔහු තිරයෙන් ඇතුළට පැමිණෙන්ටවත් පූජාසනයට ළංවෙන්ටවත් යුතු නැත. මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක. 24මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද එසේ කීයේය.
දැනට තෝරාගෙන ඇත:
ලෙවී කථාව 21: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: