ලෙවී කථාව 19:13-18
ලෙවී කථාව 19:13-18 SROV
නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය. බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මම ස්වාමීන්වහන්සේ ය. විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න. නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේ ය. නුඹේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. නුඹේ අසල්වාසියාගේ හේතුවෙන් නුඹ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න. පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේ ය.

