යෝෂුවා 6:15-21

යෝෂුවා 6:15-21 SROV

සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය. සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය. විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් නුඹලා කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, නුඹලා ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත. රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය. එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.

යෝෂුවා 6:15-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය