යෝෂුවා 4:21-24

යෝෂුවා 4:21-24 SROV

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ නුඹලාගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට, නුඹලා ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය. මක්නිසාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන්වහන්සේගේ හස්තය බලවත් බව දැනගන්න පිණිසත්, ඔවුන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සෑම කල්හිම භයවෙන පිණිසත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් නුඹලා මෙතර වෙන තුරු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යොර්දානේ ජලය නුඹලා ඉදිරියෙනුත් හින්දවා දැමූසේක කියා දන්වන්නැයි කීවේය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 4:21-24 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය