ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී, යෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල නුඹලා දුටුවහුය; මක්නිසාද නුඹලා උදෙසා යුද්ධ කෙළේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය. ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, නුඹලා ඉදිරියෙන් ඔවුන් එළවා නුඹලා ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; නුඹලාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත. එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න. නුඹලා අද දවස දක්වා කළ හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් නුඹලාට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය. එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න. මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න. බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය. තවද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ නුඹලා කෙරෙහි පැමුණුණාක් මෙන්ම, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ තමන්ගේ ගිවිසුම නුඹලා කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.
යෝෂුවා 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 23:1-16
5 Days
The Bible provides us with numerous examples of what trusting the Lord and walking with Him looks like when we are older. Let this 5-day plan help you reflect on the truth that your later years can be a time of great blessing, giving you the opportunity to pass your wisdom onto those around you and to enjoy the fruit of a life walked faithfully with God.
10 Days
This study of the Old Testament will help you understand how all the stories fit together and what lessons can be applied to your life today. You will better understand how God graciously reaches out to you, His child, and calls you to Himself just as He did to His people in the Old Testament.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with the Bible. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “Sustained by God’s Word of Faith.”
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme, “God’s Word of Promise.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ