ජෝබ් 42:7-10

ජෝබ් 42:7-10 SROV

තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ. එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක. එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේ ද යෝබ් පිළිගත්සේක. තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.

මෙයට අදාළ වීඩියෝ

ජෝබ් 42:7-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය