ජෝබ් 35

35
1එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද?
3මක්නිසාද:
එයින් නුඹට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් නුඹ කියන්නෙහිය,
4නුඹටත් නුඹ සමඟ සිටින නුඹේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි.
5අහස දෙසට ඇස් ඔසවා බලා, නුඹට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
6නුඹ පව්කළත් නුඹ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද?
නුඹේ වරද වැඩිවුණත් නුඹ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
7නුඹ ධර්මිෂ්ඨව සිටියත් නුඹ උන්වහන්සේට දෙන්නේ කුමක්ද?
නොහොත් නුඹේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?
8නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන;
එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
9පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති;
බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.
10එහෙත්:
පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,
11රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
12එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය.
13සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක.
14එසේනම්:
මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.
15නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,
16යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 35: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න