ශු. යොහන් 6:2-6

ශු. යොහන් 6:2-6 SROV

මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය, මක්නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක්වූ ලකුණු ඔව්හු දුටුවෝය. යේසුස්වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමඟ එහි වැඩහුන්සේක. යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය. යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ම දැනගෙන, ඔහු සෝදිසිකරන පිණිස මෙසේ කීසේක.