ශු. යොහන් 19:23-26

ශු. යොහන් 19:23-26 SROV

හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය. එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය. යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය. එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක.