ජෙරෙමියා 52
52
යූදාගේ විනාශය සහ වාලට ගෙනයනු ලැබීම
1ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය. 2ඔහු යෙහෝයාකීම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළේය. 3මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය. 4ඔහුගේ රජකම් කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත්, ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව බලකොටු ගොඩනැගුවේය. 5එසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලනලද්දේ විය. 6හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය. 7එවිට නුවර බිඳිනු ලැබීය, සියලු යුද්ධකාරයෝ වනාහි කල්දිවරුන් නුවරට විරුද්ධව වටකර සිටියදී, රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියෙහි නුවරින් පිටත්වී, අරබා සමභූමි මාර්ගයෙන් පලාගියෝය. 8නුමුත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංව, ඔහු අල්ලාගත්තේය; ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියේය. 9එකල ඔව්හු රජු අල්වා හමාත් දේශයේ රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියෝය; හෙතෙම ඔහු ගැන නඩු තීන්දුව දුන්නේය. 10එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් ඉදිරියෙහි මැරීය; යූදාහි සියලු අධිපතීන්ද රිබ්ලාහිදී මැරුවේය. 11තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් අන්ධකර, ඔහුට විලංගු දමා, බබිලෝනියට ගෙනගොස්, ඔහුගේ මරණ දවස දක්වා ඔහු හිරගෙයි දමා තැබීය.
12තවද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවයකළාවූ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත්, 13ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය. 14රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලම හාත්පස පවුරු සියල්ල බිඳදැමුවෝය. 15තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දිළිඳු සෙනඟගෙන් සමහරෙක්ද සෙනඟගෙන් නුවර ඉතිරිව සිටි අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අයද සමූහයාගෙන් අනික් අයද අල්ලාගෙන ගියේය. 16නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන්කරන්ටත් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගියේය. 17තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයට අයිති පිත්තල කුළුනුද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු මැසිද පිත්තල මුහුදද කල්දිවරු කඩාගෙන, ඒවායේ පිත්තල සියල්ලම බබිලෝනියට ගෙනගියෝය. 18ඇතිළිද හැඳිද පහන් කතුරුද තාළිද පාත්‍රාද සේවයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගෙනගියෝය. 19තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය. 20සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය. 21ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය. 22එය පිට පිත්තල පේකඩයක් විය; එක එක පේකඩයේ උස පස්රියනක්ය, පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන්ය. දෙවෙනි කුළුනත් ඒ ආකාරව දෙළුම් සහිතව තිබුණේය. 23දෙළුම් අනූහයක් පැතිවල තිබුණේය; දැල් වැඩ පිට වටකරින් තිබුණු දෙළුම් සියල්ල සියයක් විය. 24තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය. 25යුද්ධකාරයන්ගේ අධිපතියෙක්වූ ඇමතියෙක්ද රජු ඉදිරියේ සිට මනුෂ්‍යයන්ගෙන් නුවරෙහි සම්බවූ සත්දෙනෙක්ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාධිපතියාගේ ලේකමද නුවර සම්බවූ දේශයේ සෙනඟගෙන් හැටදෙනෙක්ද අල්ලාගත්තේය. 26එවිට රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියේය. 27බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ දේශයෙන් වහල්කමට ගෙනයනලද්දෝය. 28නෙබුකද්රෙශර් විසින් අල්ලාගන ගිය සෙනඟ නම්: හත්වෙනි අවුරුද්දේදී යුදෙව්වරුන් තුන්දාස් විසිතුන් දෙනෙක්ය. 29නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ඔහු යෙරුසලමේ සිට අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගනගියේය. 30නෙබුකද්රෙශර්ගේ විසිතුන්වෙනි අවුරුද්දේදී රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යුදෙව්වරුන් හත්සිය හතළිස් පස්දෙනෙකු අල්ලාගෙන ගියේය. ඒ සියල්ලෝම හාරදාස් හසියයක්ය.
යෙහෝයාඛින් රජුගේ අන්තිම කාලය
31තවද යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිපස්වෙනිදා එනම් බබිලෝනියේ රජවූ එවිල්මෙරොදක් රජවුණු අවුරුද්දේදී ඔහු යූදාහි රජවූ යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කොට, 32ඔහුට කරුණාවෙන් කථාකොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජුන්ගේ සිංහාසනවලට වඩා ඔහුගේ සිංහාසනය උසස්කළේය. 33ඔහුගේ හිර ඇඳුම්ද මාරුකෙළේය. තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේ ය. 34ඔහුගේ කෑම කොටසද නියමලෙස දවස්පතාම බබිලෝනියේ රජු වෙතින් ඔහුගේ මරණයේ දවස දක්වා, ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.
දැනට තෝරාගෙන ඇත:
ජෙරෙමියා 52: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: