ජෙරෙමියා 1:7-10
ජෙරෙමියා 1:7-10 SROV
නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න. ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි. බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.

