විනිශ්චයකාරයන්ගේ පොත 1:27-36

විනිශ්චයකාරයන්ගේ පොත 1:27-36 SROV

මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය. ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය. එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය. සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ. ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය. ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය; මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය. නප්තලී බෙත්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙත්-අනාත්හි වැසියන්වත් පන්නා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කෙළේය. එසේ වුවත් බෙත්-ෂෙමෙෂ්හිද බෙත්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය. අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය. අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය. අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.

විනිශ්චයකාරයන්ගේ පොත 1:27-36 සඳහා වීඩියෝව

විනිශ්චයකාරයන්ගේ පොත 1:27-36 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය