යෙසායා 36
36
සෙනකෙරීබ්ගේ වටලෑම සහ තර්ජනයකිරීම්
1තවද හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය. 2අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය. 3එවිට රජ ගෙදර ප්‍රධානියාවූ, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම්වූ ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද ඔහු ළඟට ගියෝය. 4එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවෝ මෙසේ කියන්නාහ-නුඹ විශ්වාසය තබන ඔය දේ මොකක්ද? 5යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද? 6බලව, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය. 7අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද? 8ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. 9එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද? 10මා දැන් මේ දේශය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? ඒ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා හෙසකියාට කියන්නැයි කීවේය. 11එකල එලියාකීම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේට කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථා නොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් අපට කථාකළ මැනවියි කීවෝය 12නුමුත් රබ්-ෂාකේ කථාකොට: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉඳගන ඉන්න මනුෂ්‍යයන් විසින් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මුත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට මා එවුවා නොවේදැයි කීවේය. 13එකල රබ්-ෂාකේ නැගිට සිට යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජවූ මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න. 14නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න; මක්නිසාද නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය. 15ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නාසේක කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ට හෙසකියාට ඉඩනාරින්න. 16හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය–මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න. 17එවිට මම ඇවිත් නුඹලාගේ දේශයට සමානවූ දේශයකට, ධාන්‍ය හා මුද්‍රිකපානයද කෑම හා මිදිවතුද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, නුඹලා කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන. 18ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නසේකැයි කියා හෙසකියා නුඹලා නොපොළඹවන ලෙස බලාගන්න. ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කවුරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද? 19හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හි දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද? 20ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය. 21නුමුත් ඔව්හු ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තර දෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය. 22එවිට රජගෙදර ප්‍රධානියා වන, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 36: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: