හෙබ්‍රෙව් 7:21-24

හෙබ්‍රෙව් 7:21-24 SROV

නුමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේ: ඔබ සදාකාල පූජකයෙක්ය කියා තමන්වහන්සේ නොතැවෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි උන්වහන්සේට කී තැනන්වහන්සේ කරණකොටගෙන දිවුරුමක් ඇතුවය. මෙසේ දිවුරුමක් නැතුව නොවන නිසා, එපමණටම යේසුස්වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයා වී සිටිනසේක. තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති. නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවෙන්නේ නැත.