හබක්කුක් 1
1
උපකාරකිරීමට ස්වාමීන්වහන්සේගේ ප්‍රමාදය ගැන පැමිණිල්ල
1අනාගතවක්තෘවූ හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනයය.
2 ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවනසේක. 3ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි. 4එබැවින් ව්‍යවස්ථාව බෙලහීනවී, විනිශ්චය කවදාවත් නොනික්මෙයි. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයා වටකරති; ඒ නිසා විපරීත විනිශ්චයක් සැලසේ.
කල්දිවරුන් එවන බව ප්‍රකාශකිරීම
5ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි. 6එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති. 7ඔව්හු භයානකව භයංකරව සිටිති. ඔවුන්ගේ විනිශ්චයද උසස්කමද ඔවුන්ගෙන්ම පැමිණේ. 8ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති. 9ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස එති; ඔවුන්ගේ මුහුණු නැගෙනහිර දෙසට යොමුකර තිබේ; ඔව්හු වැලි මෙන් වහලුන් රැස්කරගනිති. 10එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති. 11එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.
කල්දිවරුන්ගේ ක්රෑරතරකම ගැන කියාපෑම
12මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ ශුද්ධ තැනන්වහන්ස, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ. 13නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්, 14මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරෙහි ආණ්ඩුකාරයෙකු නැති බඩගායන සතුන් මෙන්ද වෙන්ට මනුෂ්‍යයන්ට සලස්වන්නෙත් මක්නිසාද? 15ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. ඉන්නිසා ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය. 16එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ. 17ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?
දැනට තෝරාගෙන ඇත:
හබක්කුක් 1: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: