උත්පත්ති 42:18-24

උත්පත්ති 42:18-24 SROV

තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි. නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න. නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය. ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය. රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය. යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය. ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.