උත්පත්ති 4:1-7
උත්පත්ති 4:1-7 SROV
මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේ ගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය. නැවත ඈ ඔහුගේ සහෝදරවූ ආබෙල් බිහිකළාය. ආබෙල් බැටළු පාලයෙක් වූයේය, නුමුත් කායින් ගොවියෙක් වූයේය. කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේ ට පඬුරක් ගෙනායේය. ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක; එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය. ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද? නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහියයි කීසේක.

