උත්පත්ති 31:4-9

උත්පත්ති 31:4-9 SROV

යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන: නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක. මා විසින් මාගේ මුළු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙකළ බව නුඹලා දන්නහුය. නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක. ලප ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් නුඹේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ. මෙසේ දෙවියන්වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක.