උත්පත්ති 15:13-16

උත්පත්ති 15:13-16 SROV

උන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: නුඹේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අවුරුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න. තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය. එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය. සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.