උත්පත්ති 1:27-30
උත්පත්ති 1:27-30 SROV
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක. තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය. පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.



