ගලාති 2:1-5

ගලාති 2:1-5 SROV

තවද දසසතර අවුරුද්දකට පසු තීතස්ද මා කැටුව ගෙන බාර්ණබස් සමඟ යෙරුසලමට නැවත ගියෙමි. එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය. එහෙත් මා සමඟ සිටියාවූ ග්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල්වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මඡේද්‍යය ලබන්ට බලකළේ නැත. ඔව්හු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස්කම ගැන ඔත්තු බලා, අප වහල්කමට පමුණුවන පිණිස රහසින් ඇතුල්වුණෝය. ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩව පවතින පිණිස, යටත්වීමෙන් අපි පැයකටවත් ඔවුන්ට ඉඩ නුදුනිමුව.