මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද, මා සමඟ සිටින සියලු සහෝදරයන් විසින්ද, ගලාතියේ සභාවලට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක. උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. ආමෙන්. ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි. සමහරු නුඹලා කලඹා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ. නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා. නුඹලා පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් නුඹලාට දේශනාකරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි. ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි. ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, නුඹලා ඇසුවහුය. මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි. නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස, උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට, මට පළමුවෙන් ප්‍රේරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි. තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි. නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි. මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි. පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි. ක්‍රිස්තුස්වහන්සේ තුළවූ යුදයේ සභාවෝ ඒතාක්ම මාගේ මුහුණ දැක ඇඳිනගෙන නොසිටියෝය. වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
ගලාති 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගලාති 1:1-24
4 Days
This plan will explore what the letter of Galatians teaches us in four major areas. 1) WHO GOD IS: God’s character and nature 2) WHO WE ARE: the identity of humanity and/or believers 3) WHAT WE BELIEVE: core Christian doctrines 4) HOW WE LIVE: putting faith into action
5 Days
Do you or a loved one struggle with addiction, mental illness, suicidal thoughts, or self-injury? The root of your pain may be loneliness. When you apply the practices from this reading plan, you’ll start to develop habits that move you from isolation to connection. These five days will begin to guide you, the people you love, and the community you live in toward a richer, fuller, healthier life.
Follow along as Professor R.L. Solberg guides believers who are seeking a firmer grasp on Christian truths. Learn from the Apostle Paul's message to the Galatians, bringing light to the truth of God's promise through Christ. This is a pivotal read for anyone looking to deepen their grasp on the gospel and defending it today.
In this 5-day video plan on the book of Galatians, author and Bible teacher Elizabeth Woodson reveals that the struggle to fully embrace our freedom in Christ is not a new problem. Elizabeth highlights how this letter teaches us that in the gospel alone do we gain what we desire—freedom from sin and freedom to experience true peace, living the abundant life Jesus offers.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ