එසකියෙල් 29
29
ඵාරාවෝටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධව අනාගතකීම්
1දසවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ දොළොස්වෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 2මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව නුඹේ මුහුණ හරවා, ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. 3නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි. 4මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවල මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල වැදී ඉන්දැද්දී නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන් ඇතුළුව නුඹව නුඹේ ගංගාවල් ඇතුළෙන් ගොඩට අදින්නෙමි. 5මම නුඹ සහ නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන්ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. නුඹ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. නුඹ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි. 6මිසරයේ සියලු වැසියෝද මා ස්වාමීන්වහන්සේ බව, ඔවුන් ඉශ්‍රායෙල් වංශයට බට සැරයටියක්ව සිටි කාරණයෙන් දැනගන්නෝය. 7අතින් ඔවුන් නුඹව ඇල්ලූ විට නුඹ බිඳී, ඔවුන්ගේ සියලු උරහිස් ඉරුණේය. ඔවුන් නුඹට බරවෙන විට නුඹ පොඩිවී, ඔවුන්ගේ සියලු ඉඟටි ඇදී හිටින්ට නුඹ සැලැස්සුවෙහිය. 8එබැවින්, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹට විරුද්ධව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමන්නෙමි. 9මිසර දේශය නාස්තියක්ද පාළුවක්ද වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මක්නිසාද: ගංගාව මාගේය, මම ඒක සාදාගතිමියි ඔහු කීවේය. 10එබැවින්, බලව, මම නුඹටත් නුඹේ ගංගාවලටත් විරුද්ධයෙමි, මිග්දොල් පටන් සෙවේනේ කොටුව දක්වාත් කූෂ්හි සීමාව දක්වාත් මිසර දේශය මුළුමනින්ම පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. 11මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය. 12පාළුවී තිබෙන රටවල් මැද මම මිසර දේශය පාළුවක්කරන්නෙමි, එහි නුවරවල්ද නටබුන්වී තිබෙන නුවරවල් අතරේ හතළිස් අවුරුද්දක් පාළුවක්ව තිබෙනවා ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, දේශවල ඔවුන් විසුරුවන්නෙමි. 13එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: සතළිස් අවුරුද්දකට පසු, මිසරවරුන් විසිරීගිය ජනයන් අතරෙන් ඔවුන් රැස්කරන්නෙමි. 14මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත. 15ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි. 16ඔවුන් දෙසට හැරීමෙන්, ඉශ්‍රායෙල් වංශයේ අපරාධය සිහිකරවන හැටියට, තවත් ඔව්හු මොවුන්ගේ විශ්වාසයට හේතු නොවන්නෝය. මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.
17තවද විසිහත්වෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: 18මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තීර්ට විරුද්ධව තමාගේ සේනාව ලවා මහත් වැඩක් කෙරෙවුවේය. සියලු හිස් මුඩුවිය, සියලු උරහිස් හමගියේය. එහෙත් ඔහු තීර්ට විරුද්ධව කළ වැඩය නිසා ඔහුටත් ඔහුගේ සේනාවටත් තීර්ගෙන් කුලී ලැබුණේ නැත. 19එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය. 20ලබාගැනීමට ඔහු වැඩකළාවූ ඔහුගේ විපාකය කොට මිසර දේශය මම ඔහුට දුනිමි. මක්නිසාද ඔව්හු ඒ වැඩ මා උදෙසා කළෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
21ඒ දවසේදී මම ඉශ්‍රායෙල් වංශයට අඟක් ලියලවන්නෙමි, නුඹේ මුඛයද ඔවුන් අතරෙහි අරවන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 29: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: